රවී සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම ගැන සේවීමට ස්වාධීන කමිටුවක්

November 20, 2024 - 5:01 PM
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

එම කමිටුවේ සාමාජිකයින් ලෙස නීතිඥ කුමාර් දුනුසිංහ, නීතිඥ ඉන්දික වේරගොඩ සහ ආචාර්ය විතානගේ පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කමිටු ලේකම් වශයෙන් නීතිඥ යසස් ද සිල්වා පත් කර තිබෙනවා.

මෙම පරික්ෂණ වාර්තාව සති 3ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත භාර දීමට නියමිතයි.

(xanin.lk)