මහ මැතිවරණයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි
November 12, 2024 - 12:30 PM
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ ඒ අනුව අනිද්දා (14) දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක බවයි.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂාව මේ වන විටත් සලසා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා.
ඔහු සඳහන් කළේ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය හෙට (13) සිට සිදු කරන බවයි.
රාජ්‍ය සේවකයන් ලක්ෂ 2කට ආසන්න සංඛ්‍යාවක් මෙවර මැතිවරණයේ රාජකාරි සඳහා යොදවා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මවර මහා මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් සංඛ්‍යාව, 8,361ක්.
ඉන් අපේක්ෂකයන් 5015ක් දේශපාලන පක්ෂවලින් තරග වදින අතර ස්වාධීනව අපේක්ෂකයන් 3346ක් මෙවර මහ මැතිවරණයේදී තරගවදිනවා.
(xanin.lk)