වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම - අනුර

October 31, 2024 - 8:54 PM
වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය වන්නේ ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ මාතර ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්.

ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ඉදිරි පාර්ලිමේන්තුවේ කිසිදු අමාත්‍යවරයෙකුට කොළඹින් නිවාස ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකරන බවයි.

එමෙන්ම ජනතාවට සේවය කිරීම සඳහා අමාත්‍යවරුන් ඔවුන්ට සමීප විය යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.


(xanin.lk)