දයාසිරිට කරදර කිරීම අධිකරණය නතර කරයි
July 02, 2024 - 2:55 PM
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයෙන් හෝ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසට කොළඹ දිසා අධිකරණය අද (02) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
දයාසිරි ජයසේකර විසින් මෛත්‍රීපාල සිරිසේන සහ එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක විත්තිකරුවන් කරමින් පැවරූ නඩුවක් සළකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය සිදු කර ඇති බව වාර්තා වනවා.
(xanin.lk)
දයාසිරි ජයසේකර විසින් මෛත්‍රීපාල සිරිසේන සහ එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක විත්තිකරුවන් කරමින් පැවරූ නඩුවක් සළකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය සිදු කර ඇති බව වාර්තා වනවා.
(xanin.lk)