ජනපතිවරණයේ පොදු අපේක්ෂකයා රනිල් - රවී කරුණානායක

March 11, 2024 - 10:19 AM
ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (10) කුලියාපිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන රැලියට එක් වෙමින්.

සැබෑව යන්න තේමා කර ගනිමින් පැවැත්වුණු එම රැලිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ රට ණය බරින් මුදා ගැනීම සඳහා එක් වන ලෙසට සියලු දෙනාට ඇරයුම් කරන බවයි.
(xanin.lk)