පොහොට්ටුවේ තීරණයේ වෙනසක් නැහැ - මිලින්ද රාජපක්ෂ

August 02, 2024 - 3:36 PM
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයේ කිසිඳු වෙනසක් කර නොමැති බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම තීරණය වෙනස් කිරීමට නම් නැවත දේශපාලන මණ්ඩලය රැස්වී වාද විවාද කර ඡන්ද විමසීමක් කළ යුතු බවයි.

එමෙන්ම කිසියම් හේතුවක් මත පක්ෂයේ සාමාජිකයන් පක්ෂයෙන් ඈත් කිරීමට කිසිඳු බලාපොරොත්තුවක් හෝ උත්සාහයක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

(xanin.lk)