පොහොට්ටුවේ අපේක්ෂකයා මැක්කෙක් නොවිය යුතුයි - තිස්ස කුට්ටිආරච්චි

July 22, 2024 - 4:36 PM
ගුවන් තොටුපොළ, අධිවේගි මාර්ග, වරාය, විකුණන සහ සමලිංගික පනත නීතිගත කිරීමට උත්සාහ කරන නායකයාට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයා මැතිවරණය ජයග්‍රහණය කිරීමට කාගේ හෝ ඇ‌ඟේ එල්ලෙන මැක්කෙක් නොවිය යුතු බවයි.

එමෙන්ම නාමල් රාජපක්ෂ වෙනුවෙන් කඩේ යාමට ලැබීම තමන් දිවි හිමියෙන් ලැබූ වාසනාවක් බව ඔහු කියා සිටියා.

(xanin.lk)