සිය වගකීම විජිත කියයි

November 18, 2024 - 5:57 PM
වත්මන් ආණ්ඩුව කෙරෙහි රටේ ජනතාව තැබූ විශ්වාසය ජාත්‍යන්තරය තුළද ජයග්‍රහණය කරවීම සිය වගකීම බව විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.


ඒ අද (18) සිය අමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව ශක්තිමත් ගමනක් යන බවට පණිවිඩය ජාත්‍යන්තරයට ලබාදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ජනතාවට පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

(xanin.lk)