මහ මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද

November 13, 2024 - 7:59 AM
මහ මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද (13) උදෑසන ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ මධ්‍යස්ථාන 49කදී එම කටයුතු සිදු වන බවයි.

ඒ අනුව මධ්‍යස්ථාන 13,314ක් සඳහා ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ප්‍රවාහනය සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම හෙට (14) උදෑසන 7.00ට ආරම්භ විඉමට නියමිතව තිබෙනවා.

(xanin.lk)