පක්ෂ කැඩීම රනිල්ගේ පුරුද්දක් - නාමල්

July 25, 2024 - 4:48 PM
මේ වන තුරු වචනයකින් හෝ බාධාවක් නොකරමින් රජයේ වැඩ කටයුතු කරගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවස්ථාව ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයා පොදුජන පෙරමුණ දෙකඩ කිරීමට කටයුතු කරන්නේ නම් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නා බවයි.

එමෙන්ම පක්ෂ කැඩීම රනිල් වික්‍රමසිංහගේ පුරුද්දක් බවද ඔහු සඳහන් කළා.

(xanin.lk)