ශ්‍රී. නි. පක්ෂයට ආදරය කරන සියලු දෙනා හෙට එන්න - දයාසිරි

July 04, 2024 - 6:18 PM
හෙට (05) උදෑසන 9.30ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ පක්ෂයේ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමට සූදානම් බව දයාසිරි ජයසේකර පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමාට බාධා කිරීමට පැමිණෙන ඕනෑම කෙනෙකුට නඩු පැවරිය හැකි බවයි.

එමෙන්ම හෙට (05) පෙරවරු 9.30ට පක්ෂයට ආදරය කරන සියලුම පාක්ෂිකයන්ට පක්ෂ මූලස්ථානය වෙත පැමිණෙන ලෙසට ආරාධනාවක් සිදු කළා.

(xanin.lk)