කඩා වැටුණු රට යළි පුනරුදය කරා කැඳවන යුගය ආරම්භ කර ඇති බව ජනපති කියයි

November 04, 2024 - 3:09 PM
කඩා වැටුණු රට යළි පුනරුදය කරා කැඳවන යුගය මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම ගමන කිසිවෙකුටත් වැළක්විය නොහැකි බවයි.

රට ගොඩනැගීම සඳහා වන සැලසුම් රැසක් මේ වන විට සකස් කර ඇති බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.


(lknews.lk)