දේශපාලන පක්ෂ මුලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවිය යුතුයි - වජිර

July 23, 2024 - 2:28 PM
ලංකාවේ දේශපාලන පක්ෂ මුලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා තේරුම් ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තවාවේ 83වන වගන්තියේ යම්කිසි වරදක් සිදු වී ඇත්නම් එය නිවැරදි කිරීම සහ ජනාධිපතිවරණය අතර කිසිඳු සම්බන්දයක් නොමැති බවයි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරැද්දක් තිබෙනවා නම් එය වෙනස් කිරීම මහජන නියෝජිතයින්ගේ යුතුකමක් බවද ඔහු සඳහන් කළා.

(xanin.lk)