ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළ එක කතිරයකින් විශාල පෙරළියක් සිදු වුණ බව නලින්ද ජයතිස්ස කියයි

October 14, 2024 - 8:11 PM
මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළ එක කතිරයකින් විශාල පෙරළියක් සිදු වුණ බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

සමහර පුද්ගලයන් පරාජයට බියවී මෙවර නාම යෝජනා අත්සන් කර නිවාස තුළ සිටින බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම වසර 88කට පසුව රාජපක්ෂවරයෙක් හම්බන්තොටින් ඡන්දය සඳහා ඉදිරිපත් නොවන තත්ත්වයකට පත්ව ඇති බවද ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස එහිදී කියා සිටියා.


(xanin.lk)