මෛත්‍රී චන්ද්‍රිකාට ඇඟිල්ල දික් කරයි

June 17, 2024 - 3:00 PM
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක නඩු දමා වාරණ නියෝග ලබාගත් නිසා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

තමන් ඉවත්නොවී සිටියා නම් පක්ෂයේ කිසිවෙකුට මීළඟ මැතිවරණය සඳහා ඡන්දය ඉල්ලීමට නොහැකි බව ඔහු ප්‍රකාශ කළා.

තමාගෙන් පසු එම සභාපති ධූරයට විජයදාස රාජපක්ෂ පත් කරනු ලැබුවේ ආණ්ඩුවට ගොස් සිටින අනිකුත් අය අතර සුදුසු පුද්ගලයෙකු නොසිටි නිසා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

අද (17) ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. 

(xanin.lk)