සජබයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිරුණිකා ඉල්ලයි

November 20, 2024 - 4:02 PM
සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පහෙන් එකක් කාන්තාවකට වෙන් කරන්නේ නම් එය තමන්ට හිමිවිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කළා.

ඒ අද (20) මාධ්‍ය හමුවකට සහභාගීවෙමින්.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා සුදුසුකම් සපුරා ඇති බවයි.


(xanin.lk)