පාස්කු ප්‍රහාර වාර්තාව ගැන රනිල් කියන කතාව මෙන්න

October 24, 2024 - 9:39 PM
පාස්කු වාර්තා ගෙන හැර දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශවයකින්ම තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ මේ වන විට ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම වාර්තාව පසුගිය ජනාධිපතිවරණ සමයේ තම අතට ලැබුණු නමුත් පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඇඳා ගැනීමට ඇති අකමැත්ත හේතුවෙන් තමන් තමන් එම වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමෙන් වැළකී සිටි බවයි.


(xanin.lk)