හරිනි අගමැති ධූරයේ වැඩ භාරගනියි

November 18, 2024 - 5:22 PM
නව රජයේ අග්‍රාමාත්‍ය ලෙස අද (18) පෙරවරුවේ දිවුරුම් දුන් හරිනි අමරසූරිය එම ධූරයේ වැඩ භාර ගෙන තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

ඇය මෙරට 17 වන අග්‍රාමාත්‍යවරිය වන අතර අගමැති ධූරයට පත්වූ තෙවන කාන්තාවද වනවා.

(xanin.lk)