අධ්‍යාපනයේ අසමානතා නැති කරනවා - හරිනි

November 08, 2024 - 8:52 PM
ජාතික ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනයේ අසමානතා නැතිකර සියලු පාසල් උසස් ප්‍රමිතියකින් පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සකස් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ ගම්පහ දිස්ත්‍රික් පෙරපාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

පෙර පාසල් දරුවන් හා ගුරුවරුන් වෙනුවෙන් නව රජයේ ප්‍රතිපත්ති පිළිබඳවද එහිදී අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.


(xanin.lk)