BRICS සමුළුවේ සහ නව සංවර්ධන සාමාජිකත්වය ලබා ගැනීමට තීරණයක්
October 14, 2024 - 7:03 PM
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව යන රටවල් වලින් සමන්විත BRICS සමුළුවේ සහ නව සංවර්ධන සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (14) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති හමුවකදී.
ඒ සඳහා මෙරට සිටින විදෙස් තානාපතිවරුන්, එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයන් සහ කොළඹ මූලික කරගෙන ක්‍රියාත්මක ජාත්‍යන්තර සංවිධාන වල ප්‍රධානීන් එක්ව සිටියා.
ලබන 23 සිට 24 වනදා දක්වා රුසියාවේ කසාන් නුවර පැවැත්වෙන BRICS සමුළුවට සහභාගී වන විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා මඟින් ඒ සඳහා අයදුම් කරන බවද ඔහු සඳහන් කළා.
එළඹෙන මහ මැතිවරණය නිසා තමාට එම සමුළුවට සහභාගී වීමට නොහැකි වබ අතර සිය පණිවුඩය තම ලේකම්වරයා සමුළුවට ඉදිරිපත්කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මෙරට සිදුව ඇතැයි පැවසෙන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් විමර්ශනයට ජාත්‍යන්තර මැදිහත්වීමක් හෝ විදේශ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් රජය එකඟ නොවන බවත් ඔහු සඳහන් කළා.
(xanin.lk)