ඉදි­කි­රීම් කොන්ත්‍රා­ත්ක­රු­වන්ට හිඟ මුදල් ගෙවා අවසන් - ප්‍රසන්න රණතුංග

July 02, 2024 - 8:49 AM
කොවිඩ් වසං­ග­තය හා ආර්ථික අර්බු­දය හේතු­වෙන් ඉදි­කි­රීම් කොන්ත්‍රා­ත්ක­රු­වන්ට ගෙවී­මට නොහැකි වූ රුපි­යල් බිලි­යන 200කට අධික මුද­ලක් මේ වන විට ගෙවා අව­සන් කර ඇතැයි නාග­රික සංව­ර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණ­තුංග ප්‍රකාශ කළා.

ඔහු අව­ධා­ර­ණය කරන්නේ තාක්ෂ­ණික හේතූන් මත බිල්පත් ගෙවී­මට නොහැකි වූ කොන්ත්‍රා­ත්ක­රු­වන්ගේ බිල්පත්ද කඩි­න­මින් ගෙවා අව­සන් කිරී­මට මේ වන විට පිය­වර ගෙන ඇති බවයි.

රාජ්‍ය නිල­ධා­රීන්, ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ ප්‍රවී­ණ­යන් සහ කොන්ත්‍රා­ත්ක­රු­ව­න්ගෙන් සමන්විත  කමිටු හරහා මෙරට ඉදි­කි­රීම් ක්ෂේත්‍රය ගොඩ­නැං­වීම සඳහා යෝජනා 50ක් ඉදි­රි­පත් වූ අතර එයින් ක්ෂණි­කව ක්‍රියා­ත්මක කළ හැකි ක්ෂේත්‍ර 14ක් පිළි­බ­ඳව රජයේ අව­ධා­නය යොමු වී තිබෙනවා.

එම කරුණු ඔස්සේ ඉදි­කි­රීම් ක්ෂේත්‍රය ප්‍රව­ර්ධ­නය කිරීම සඳහා නව ප්‍රති­ප­ත්ති­යක් නිර්මා­ණය කිරී­මට අමාත්‍ය මණ්ඩ­ලය වෙත කරුණු ඉදි­රි­පත් කර ඇති බවද ඇමැති ප්‍රසන්න රණ­තුංග සඳ­හන් කළා.
(xanin.lk)