කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් අක්කර 11,000ක් ගොවි ජනතාවට

October 12, 2024 - 7:40 PM
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පෙරේදා (10) නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව අක්කර පහකට නොවැඩි ඉඩම් මෙලෙස ගොවි ජනතාවට ලබා දීමට නියමිතයි.

ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා .

ජනාධිපති කාර්යාලයේ දී කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ නිළධාරීන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

විෂයභාර අමාත්‍යවරයා ලෙස අදාළ අමාත්‍යංශවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා ඉදිරි සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.


(xanin.lk)