පොහොට්ටුවේ පිරිසකගේ සහය ජනපතිට
July 30, 2024 - 9:13 AM
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණයට විරෝධය පළ කරමින් මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ (29) රාත්‍රියේ ජනාධිපතිවරයා මුණගැසී තිබෙනවා.
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට එහිදී ඔවුන් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන්වන දිලුම් අමුණුගම, අනුප පස්කුවල්, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, ප්‍රේම්නාත් සී දොළවත්ත ඇතුළු පිරිසක් සහභාගී ඇති බව සඳහන්.
(xanin.lk)