හොරු අල්ලන්න ගෙන ආ ශක්තිමත් නීති පද්ධතිය විප්ලවයක් - ජනපති

May 15, 2024 - 3:00 PM
හොරු ආරක්ෂා කරන බවට චෝදනාවට ලක්වූ ආණ්ඩුව විසින් හොරු අල්ලන නව නීති 75ක් පසුගිය දෙවසර තුළ පමණක් සම්මත කර ගැනීමට කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ තෙල්දෙණිය අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් එම නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදෙස් පුහුණුව ලබාදී පළපුරුදු නිලධාරීන් බිහි කිරීමේ කටයුතු මේ වන විට අධිකරණ අමාත්‍යාංශය විසින් අරඹා ඇති බවයි.

(xanin.lk)