වෙසක් උත්සවයට සුබපතමින් ජනපතිගෙන් ප්‍රකාශයක්
May 23, 2024 - 11:20 AM
ජාති, ආගම්, කුල භේද මෙන්ම පක්ෂ පාට නොතකා එකාවන්ව එක්ව, ගොඩනඟමින් ඇති රට සුවපත් කරන්නට අප සැවොම පෙළ ගැසිය යුතු බව වෙසක් දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ 'බුද්ධත්වය උදෙසා බුදුන් වහන්සේ තුළ තිබූ සම්මා වීර්යය, අප සැවොම මේ අසීරු මොහොතේ රටක් ලෙස ඇති කර ගත යුත්තේ යහපත් හෙට දිනක් වෙනුවෙන් අද දවස කැප කිරීමට 'මත්තාසුඛ පරිච්චගා - පස්සෙ චෙ විපුලං සුඛං' ලෙස කර ඇති බුද්ධ දේශනාව පදනම් කර ගෙනය'
' 'සබ්බත්ථ සම්මානසො' සියල්ලන්ට සමානව සැලකීමේ සමානාත්මතා සම්බුද්ධෝපදේශනය අද දින අප සිහි කළ යුතුවාක් මෙන්ම රටක් ලෙස එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම ද මේ වෙසක් දා බුදුන් උදෙසා පිදිය හැකි මහඟු බුද්ධ පූජාව වන්නේය'.
'සීඝ්‍ර ලෙස භෞතිකව සංවර්ධනය කරා පිය මනින ලෝකය තුළ ආකල්පමය සංවර්ධනයකින් යුත් ආධ්‍යාත්මික ආචාරශීලි මිනිසකු නිර්මාණය කර ගැනීමට මේ වෛශාඛ්‍ය මංගල්‍යයේ ඇති කර ගත යුතු ප්‍රමුඛතම අරමුණ බව සිහිපත් කරමින් සැමට පිංබර වෙසක් මංගල්‍යයකට සුභාශිංසන එක් කරමි'.
(xanin.lk)