පුද්ගලයෙකුට පහර දුන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්නට විරෝධය
May 17, 2024 - 2:37 PM
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පසුගිය 14 වැනිදා අලුයම ගුවන්තොටුපොළ සේවකයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ගුවන්තොටුපොළ පොලීසිය පවසනවා.
පැමිණිල්ලක් නැති වුවත් මේ වන විට ප්‍රසිද්ධියට පත්ව ඇති CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ පවත්වන බවයි පොලීසිය සඳහන් කරන්නේ.
රාජ්‍ය අමාත්‍යවරයා තම බිරිඳ විදේශගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළට ගිය අවස්ථාවේදී තම බිරිඳ රැගෙන ගිය ගමන් මල්ලක් ගුවන්තොටුපොළේ මගී පර්යන්තයට ප්‍රවාහනය සඳහා අදාළ සේවකයා රුපියල් 2,000ක මුදලක් ඉල්ලීමත් එය අසාධාරණ බව කියූ පසු එම ගැටුම සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් නීතිගරුක සහ යුක්තිගරුක සමාජයක් උදෙසා ජනතා ව්‍යාපාරය පවසන්නේ රාජ්‍ය අමාත්‍යවරයෙක් සාමාන්‍ය පුරවැසියෙකුට පහර දී ඇති බව මාධ්‍ය මගින් විකාශය වූවත් එම රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැති බවයි.
ඔවුන් පොලිස්පතිවරයාට සහ ආරක්ෂක අමාත්‍යවරයාට පවසන්නේ සර්ව සාධාරණව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි හොඳම අවස්ථාව මෙය බවයි.
(xanin.lk)