දෘෂ්‍යාබාධිත ප්‍රජාවට විශේෂ ඡන්ද පත්‍රිකාවක් නිකුත් කරයි

July 23, 2024 - 4:56 PM
එළඹෙන ජනාධිපතිවරණයේදී දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් නිකුත් කරන බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මැතිවරණය ආශ්‍රිත වචන 320ක නව සංඥා භාෂා වචන මාලාවක් හදුන්වා දුන් බවයි.

එමෙන්ම ආබාධ සහිත ප්‍රජාවගේ ප්‍රවේශ පහසුකම් ඇතුළු කටයුතු සදහා උපරිම පහසුකම් සැලසීම සදහා සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

(xanin.lk)