විශ්‍රාමික හමුදා භටයින්ගේ ගැටලුව විසඳීමට ජනපති මැදිහත් වෙයි

May 08, 2024 - 8:56 AM
විශ්‍රාමික හමුදා භටයින්ගේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොළඹ ආරක්ෂක අමාත්‍යංශයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) රැස්වීමක් කැඳවා තිබුණා.

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරුවල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් 600 කට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇති බව දයාසිරි ජයසේකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී තිබෙනවා.

එම පිරිසෙන් පහළොවක් මේ වන විට මියගොස් ඇති බව තොරතුරු ඇති අතර ඔවුන්ගේ දේහයන්වත් සොයා ගැනීමට නැතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එම සාකච්ඡාවට කැඳවූ දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ යන මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් රුසියා රජය සමඟ සාකච්ඡා කර ශ්‍රී ලාංකික පිරිස ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි ආරක්ෂක ලේකම්වරයාට දැනුම්දී තිබෙනවා.

(xanin.lk)