මන්ත්රීන්ට වාහන පර්මිට් දෙන ඉල්ලීම මේ සතියේ ජනපතිට
May 28, 2024 - 9:26 AM
තීරු බදු රහිත වාහන පර්මිට් ලබා දෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්රීවරුන් 116ක් කළ ඉල්ලීම මේ සතියේ ජනාධිපතිවරයාට භාර දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.
සෑම පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුට මින් පෙර රුපියල් කෝටි 2ක් පමණ වටිනා තීරු බදු රහිත වාහන බලපත්රයක් හිමි වුණත් රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් 2015 වසරෙන් පසුව එම බලපත්ර නිකුත් කිරීම නවතා තිබෙනවා.
ඉදිරි මැතිවරණවලට පෙර එම බලපත්ර ලබා නොදුනහොත් ඔවුන් මැතිවරණවලට ඉදිරිපත් නොවන බව මන්ත්රීවරුන් ගණනාවක් රජයේ ප්රධානීන්ට දැනුම් දී ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් සමගි ජන බලවේගය එම ඉල්ලීමට විරෝධය පළ කර ඇත්තේ රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක එලෙස වාහන ලබා ගැනීම සුදුසු නොවන බව පවසමින්.
(xanin.lk)