කංචනගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කරන්නැයි ඉල්ලීමක්

May 15, 2024 - 12:39 PM
තමන්ට අවශ්‍ය පරිදි නීති රීති වෙනස් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විනය විරෝධීව කටයුතු කරන්නේ නම් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කරන ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.

නව විදුලිබල පනතට එරෙහි පෙත්සමකට අත්සන් ලක්ෂයක් ලබා ගැනීමේ අවස්ථාවකට එක් වෙමින් එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මේ බව සඳහන් කළා.   

එම සංගමය පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් රාජ්‍ය දේපළ විකිණීම සිදු නොකරන ලෙස ඉල්ලමින් නිකුත් කළ නිවේදනය වෙනුවට විනය විරෝධීව කටයුතු කරන කංචන විජේසේකරගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කරන ලෙසයි.   

(xanin.lk)