පොලිස්පති ඉවත් කිරීමට කතා කිරීමෙන් විපක්ෂයේ සැබෑ වුවමනාව පැහැදිලියි - ප්‍රසන්න

July 25, 2024 - 2:49 PM
විපක්ෂයට රැකවරණය ලබා දෙන්නේ පාතාලය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

විපක්ෂය යුක්තිය මෙහෙයුමට දැඩි ලෙස විරුද්ධ වූ බවත් විපක්ෂය පොලිස්පතිවරයා ඉවත් කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ නිසා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වතු කම්කරු වැටුප් වැඩි වීම පිළිබඳ කතා නොකර පොලිස්පති ඉවත් කිරීමට කතා කිරීමෙන් විපක්ෂයේ සැබෑ වුවමනාව පැහැදිලි වන බවයි.

(xanin.lk)