මැතිවරණ කොමසාරිස්ගෙන් රතු එළියක්

August 03, 2024 - 11:35 AM
ඉදිරි ජනාධිපතිවරණයේදී හොර ක්‍රියා මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය මැතිවරණවලදී එවැනි ශූන්‍ය කිරීම් කළ බවයි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු යොදා ඇති බවද ඔහු සඳහන් කළා.

(xanin.lk)