රනිල් 2048දී ලංකාව ලොව බලවත්ම රටක් කරනවා - වජිර

June 20, 2024 - 6:45 PM
2048 වර්ෂයේදී ශ්‍රී ලංකාව ලෝකයේ බලවත්ම රටක් බවට පත් කළ හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණක් බව වජිර අබේවර්ධන පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන බවයි ඔහු කියා සිටියේ.  

එමෙන්ම අමාරුවේ වැටුණු ජනතාව ගලවා ගත්තේ රනිල් වික්‍රමසිංහ විසින් බව වජිර අබේවර්ධන අවධාරණය කළා.

ඔහු මෙම අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති උත්සවයකට එක්වෙමින්.

(xanin.lk)