මහජනතාව ඉන්නේ සජබය සමඟ - තිස්ස

June 29, 2024 - 2:47 PM
සමගි ජන බලවේගයේ කණ්ඩායම් ආණ්ඩුව සමඟ එකතු වන බවට සිදු කරන ප්‍රකාශය වසරකට අධික කාලයක් තිස්සේ පවතින බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා.

නමුත් සමගි ජන බලවේගය කිසිඳු කණ්ඩායමක් එලෙස ආණ්ඩුවට එකතු නොවූ බවයි ඔහු කියා සිටියේ.  

ඒ අනුව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේ රටේ මහජනතාව සමගි ජන බලවේගය සමඟ සිටින බවයි.

(xanin.lk)