ජනපතිගෙන් උතුරට පොරොන්දුවක්

May 24, 2024 - 6:24 PM
යුද්ධය නිසා උතුරු නැගෙනහිරට බලපෑ ගැටලු කඩිනමින් අවසන් කර එම ජනතාවට ද සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (24) යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු සහ පර්යේෂණ අංශ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

උතුරු පළාත තුළ උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම වෙනුවෙන් යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරන බවත් කරාපිටිය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

එමෙන්ම 'උරුමය' වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1,286ක් ජනාධිපතිවරයා අතින් අද ජනතාවට ලබා දුන් අතර ඉදිරියේදී උතුරු පළාතට අයත් මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඔප්පු 13,858ක් ලබා දීමට නියමිතයි.

(xanin.lk)