ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු හෙට සිට අරඹයි

August 15, 2024 - 10:19 AM
2024 ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු හෙට සිට ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගා කල්පනී ලියනගේ පවසනවා.

අද (15) නාමයෝජනා බාරදීමේ කටයුතු අවසන් වූ පසු මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය රජයේ මුද්‍රණාලය වෙත ලැබීමෙන් අනතුරුව එම කටයුතු ආරම්භ කරන බව ඇය වැඩිදුරටත් කියා සිටියා.

(xanin.lk)