ජනාධිපතිවරණයේ කාලරාමුව ගැන කල් තැබීමේ විවාදය අද

July 11, 2024 - 9:17 AM
ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව කල්තැබීමේ විවාදයක අද (11) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊයේ (10) පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබුණා.

ඒ හේතුවෙන් අද  විවාදයට ගැනීමට නියමිතව තිබූ සත්ව සුබසාධන පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(xanin.lk)