සජබයට සහය දුන්නොත් රනිල්ට තනතුරක්

April 19, 2024 - 2:05 PM
එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයට සහය ලබා දෙන්නේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වෙනත් තනතුරක් ලබා දීම පිළිබඳව සලකා බැලිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (18) කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සමස්ත එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් 90%ක් සමගි ජන බලවේගය සමඟ සිටින බවයි.

(xanin.lk)