ජනාධිපතිවරණයට පොලිස් නිලධාරීන් අවශ්‍ය පරිදි

July 31, 2024 - 4:23 PM
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් අවශ්‍ය පරිදි ලබාදීමට ජනාධිපතිවරයාගේ අවසරය හිමිව ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.

ඒ අනුව මැතිවරණ කටයුතු කරගෙන යාම සඳහා සහ ජනාධිපතිවරණයේ ආරක්ෂ කටයුතු සඳහා අවශ්‍ය වන සියලුම පොලිස් නිලධාරීන් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගේ නියමය අනුව ජනාධිපති ලේකම්වරයා විසින් මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පොලිස්පතිවරයෙක් හෝ වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා දැනුවත් කිරීමෙන් පසු ඒ සඳහා වන ප්‍රතිචාරයද මේ වන විට ලැබී ඇති බවයි.

(xanin.lk)