විජයදාසට බාධා කිරීම වළක්වන පෙත්සම අද තෙක් දීර්ඝ කරයි
May 28, 2024 - 11:00 AM
අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පක්ෂයේ විධායක සභාව ගත් තීරණයට බාධා කිරීම සියලු පාර්ශවවලට වළක්වමින් නිකුත් කළ වාරණ නියෝගය අද (28) දහවල් 1.30 දක්වා දීර්ඝ කර තිබෙනවා.
විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ගෙන යාමට බාධා නොකරන ලෙස වගඋත්තරකරුවන් 20 දෙනෙකුට නියෝගයක් නිකුත් කරන ලෙස එම පක්ෂයේ විධායක සභිකයන් දෙදෙනෙක් දිසා අධිකරණය හමුවේ ඉකුත් 13 වැනිදා ඉල්ලීමක් සිදු කළා.
ඒ අනුව කඩුවෙල දිසා විනිසුරුවරිය විසින් ඊයේ (27) දින දක්වා එම වාරණ නියෝගය ලබා දුන් අතර ඊයේ දනයේදී ඒ සම්බන්ධයෙන් වූ නීති කෘත්‍ය යළි අධිකරණය හමුවේ ගනු ලැබුවා.
එහිදී වගඋත්තර පාර්ශවය අදාළ වාරණය ඉවත් කරන ලෙස පෙත්සමක් ගොනු කළ අතර ඒ සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා එම වාරණය අද (28) දින තෙක් කල් තැබුවා.
(xanin.lk)