පැෆරල් සංවිධානයෙන් ආණ්ඩුවට විරුද්ධව පෙත්සමක්

May 28, 2024 - 10:09 AM
පැෆරල් සංවිධානය විසින් ආණ්ඩුවේ ව්‍යාපෘතිවලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ, ඉදිරි ජනාධිපතිවරණයේදී සහ පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවලට වාසි ලබා ගැනීමේ අරමුණින් දියත් කර ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.  

ඔවුන් පවසන්නේ සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර කාලයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී එවැනි ව්‍යාපෘති සිදු කිරීම මැතිවරණ නීතිවලට අනුව තහනම් බවයි.

ඒ අනුව ඡන්ද දායකයින්ගේ මූලික අයිතිවාසිකම් මෙමඟින් කඩ වී ඇති බැවින් කෝටියක වන්දි මුදලක් ලබා දෙන ලෙසද ඔවුන් සිය පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.

(xanin.lk)