මන්ත්‍රීවරුන් බාගැනීමට මත්පැන් බලපත්‍ර දෙයි?

June 07, 2024 - 6:25 PM
මන්ත්‍රීවරුන් බාගැනීමේ අරමුණින් මත්පැන් බලපත්‍ර අල්ලස් වශයෙන් ලබාදීම වහා නවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලීමක් කළා.

මෘදු මත්පැන් බලපත්‍ර මෑත කාලයේදී විශාල වශයෙන් නිකුත් කර ඇති බවත් මෙය මතින් තොර ව්‍යාපෘතියට පටහැනි ක්‍රියාවක් බව ඔහු කියා සිටියා.

අද (07) පාර්ලිමේන්තුවේදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මෙම අදහස් ප්‍රකාශ කළා.

(xanin.lk)