ශ්‍රීලනිපයට තවත් වාරණ නියෝග තුනක්
April 24, 2024 - 4:18 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන්ට විරුද්ධව තවත් වාරණ නියෝග 3ක් කොළඹ දිසා අධිකරණය විසින් අද (24) නිකුත් කළා.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින්, පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල මහතා කටයුතු කිරීම වළක්වාලමින් සහ වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලැබුණු තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.
මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුුරු සඳුන් විතාන මහතා විසින් මෙම වාරණ නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ වාරණ නියෝග මැයි මස 8 වැනිදා දක්වා බලපැවැත්වෙන බව එම නියෝගවල සඳහන්.
(xanin.lk)