රනිල්ට එරෙහි වුණොත් රට කඩා වැටෙනවා - බන්දුල

July 01, 2024 - 8:17 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම වළක්වාගත නොහැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ හේතුවෙන් මෙම ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට රටේ සියලු පුරවැසියන්ගේ සහය අවශ්‍ය කාලය එළැඹ ඇති බව ඔහු කියා සිටියා.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

(xanin.lk)