පළාත් සභා ඡන්දයට ඇති බාධා ඉවත් කළ හැකි ක්‍රමය

May 17, 2024 - 8:52 AM
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පවතින බාධා ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේදී සිදු කරන නීති සංශෝධනයකින් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසමේ සාමාජිකයින් මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා පැවති සාකච්ඡාවකදීයි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයින් සම්බන්ධ ගැටලු පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් නිරාකරණය කළ හැකි බවයි එම කොමිසමේ සාමාජිකයින් අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දී තිබෙන්නේ.

(xanin.lk)