ශ්‍රීලනි පක්ෂයෙන් නව සන්ධානයක්

May 14, 2024 - 12:52 PM
ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සඳහා නව සන්ධානයක් ගොඩනගන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය සහ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් අතර අද (14) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුවේ සිටින ස්වාධීන කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඊට එක් වන බවයි.

එම සාකච්ඡාව සඳහා සුසිල් ප්‍රේමජයන්ත, නලින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් එක් වී තිබෙනවා.

(xanin.lk)