රාමසාන් වෙනුවෙන් ජනපතිගෙන් පණිවිඩයක්
April 10, 2024 - 9:59 AM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාමසාන් උත්සවය (ඊද් අල්-ෆිතර්) වෙනුවෙන් සිය පණිවිඩය නිකුත් කරමින් බැතිමත් මුස්ලිම්වරුන් තම ආගමික බැඳීම්වලට නොසැලී අනුගත වෙමින් භක්තිවන්තව නිරාහාරව සිටීම සහ තමාගේත් සමස්ත සමාජයේත් යහපැවැත්ම සඳහා යාච්ඤා කිරීම පිළිබඳව ප්‍රශංසා කළා.
ධාර්මික සහ ආධ්‍යාත්මික සාධනය කරා යන මාවත ආලෝකවත් කරමින් අතීතයේ සිටම මෙවන් ශීලයන් පිළිපැදීමේ වැදගත්කම ශුද්ධ වූ කුරානය අවධාරණය කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළා.
'පරිත්‍යාගය, ආත්ම දමනය සහ ඉවසීමෙන් රාමසාන් සමය තුළ ඉස්මතු කෙරෙන හර පද්ධතීන් අගයමින් ශ්‍රී ලංකාවේ සහ ඉන් ඔබ්බෙහි සිටින සමස්ත මුස්ලිම් ප්‍රජාවට සාමය, සංහිඳියාව සහ යහපත සෑදෙන ප්‍රීතිමත් රාමසාන් උත්සවයක් වේවා.'
(xanin.lk)