ඊශ්‍රායල තානාපති හා මනූෂ අතර හමුවක්

July 05, 2024 - 11:27 AM
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති නාඕර් ගිලොන් මහතා අතර හමුවක් ඊයේ (04) කම්කරු අමාත්‍යාංශයේදී පැවැත්වුනා.

ඊශ්‍රායල සේවයේ නියුතු ශ්‍රමිකයන් සම්බන්ධයෙන් එහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු කෙරුණු අතර අමාත්‍යවරයා සඳහන් කළේ ඊශ්‍රායලයට යැවූ පිරිස් අතරින් චෝදනා එල්ල වූ පිරිස් යළි ගෙන්වා වැරදි නිවැරදි කිරීමට කටයුතු කරන බවයි.

ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ ඉඩම් හිමිකරුවන් ලංකාවට ගෙන්වා ශ්‍රමිකයින් තෝරා ගැනීමට ඉඩ දෙන බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(xanin.lk)