අනුර සහ මාර්ක් ඇන්ඩෘ අතර හමුවක්

May 10, 2024 - 9:02 AM
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆෙන්ච් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (09) පස්වරුවේ පැවැත්වුණා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති එම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්වය, සමගිය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම මෙරට ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධනයේ නියෝජිතයින් පෙන්වා දී ඇති අතර ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය තුළ දේශපාලන පක්ෂ විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පිළිබඳවද එහිදී අවධානය යොමු වී තිබෙනවා. 

(xanin.lk)