විජයදාසගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

July 18, 2024 - 9:18 AM
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ, ඉදිරි ජනාධිපතිවරණය සඳහා 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනත යටතේ බලතල ක්‍රියාත්මක කරන ලෙස දන්වමින්.

පාර්ලිමේන්තු මැතිවරණවලදී සිදුවන නීතිවිරෝධී ක්‍රියා, අල්ලස්, කප්පම් වැනි සිදුවීම් සඳහා වර්තමානයේ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ නීතිය අකර්මන්‍යයවී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.  

මේ හේතුවෙන් ඉදිරි මැතිවරණ සඳහා එම පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බව ඔහු සඳහන් කළා.

(xanin.lk)